ජනගහනයෙන් 15% කට දියවැඩියාව



කුවේට් ජනගහනයෙන් සියයට පහළොවක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව වාර්තා වේ.

හාරලක්ෂ විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් නිහඩ මාරයාට (දියවැඩියාවට) ගොදුරු වී ඇති බව මුබාරක් රෝහලේ අන්තරාසර්ග විද්‍යාව සහ දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ කුවේට් දියවැඩියා සංගමයේ සභාපති, වෛද්‍ය සලීඩ් අල්-ධාහි ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ ය.

කුවේටයේ වෙසෙන 200,000 ක ජනතාවක් තවමත් පරීක්ෂාවට ලක් කර නොමැති බවත්, දියවැඩියා රෝගීන් මිලියන 39 ක් අරාබි රටවල්වල ජීවත්වන බවත්, වසර 15-20 අතර කාලයක් තුළදි එම සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වනු ඇති බව ඩහී පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS