ජනගහනය මිලිනයන 3 ට ආසන්නයි



අබුඩාබියේ ජනගහනය 2016 අවසන් වන විට මිලියන 2.9දක්වා ඉහළ ගොස් ඇති බව අබුඩාබි සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය නිකුත් කරන ලද නවතම සංඛයා දත්ත මඟින් අනාවරණය වන බවජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

1977 වර්ෂය සමඟ සංසන්දනය කරන විට 2016 වර්ෂය දි 317%ක ජනගහනය වර්ධනයක් ද 2015 වර්ෂයට වඩා 2016 වර්ෂයේදි 4.4% ජනගහන වර්ධනයක් වී ඇති බව සංඛ්‍යා දත්ත මඟින් පැහැදිලි වේ.

මුළු ජනගහනයෙන් 551,535ක් එමිරේට්ස් ජාතිකයින් වන අතර එයින් 52%ක් පිරිමින් වන අතර 48%ක් කාන්තාවන් වේ.

එමිරේට්ස් කාන්තාවන්ගේ සාඵල්‍යතාවය 3.7%ක්ද අබුඩිබියේ ජීවත් වන විදේශීය කාන්තාවන්ගේ සාඵල්‍යතාවය 1.0%ක්ද වන බව සංඛ්‍යා දත්තයන් වල සඳහන්ව ඇති බව වාර්තා වේ.

මිලියන 1.807ක ජනගහනයක් 2016 වර්ෂයේදි අබුඩාබියේ මුළු ජනගහනයට එකතු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS