ජනගහනය පහත වැටෙයි



ඕමානයේ ආණ්ඩුකාර ප්‍රදේශ අටක විදේශීය ජනගහනය 2017 නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුල 0.08%කින් පහත වැටී ඇති බව ඕමාන ජාතික සංඛ්‍යා ලේඛන හා තොරතුරු දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විදේශිකයින් 9,808ක් මස්කට් නුවරින් පිටව ගොස් ඇති බවත් නොවැම්බර් මාසය ආරම්භ වනවිට විදේශිකයින් 955,455ක් මස්කට් නුවර තුල රැදී සිට ඇති අතර දෙසැම්බර් මාසය අවසන් වනවිට 948,342ක දක්වා පහත වැටී ඇති බව ජාතික සංඛ්‍යා ලේඛන හා තොරතුරු දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

ඩොෆාර් ආණ්ඩුකාර ප්‍රදේශයෙන් විදේශිකයින් 1,618ක් සහ අනිකුත් ආණ්ඩුකාර ප්‍රදේශ වලින් සැලකිය යුතු පිරිසක් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

අද්-ඩකිලියා, අල්-බටිනාහ් සහ අද්-ධාහිරාහ් යන ආණ්ඩුකාර ප්‍රදේශවල විදේශිකයින්ගේ සංඛ්‍යාව ඉහළගොස් ඇති බව ඕමාන ජාතික සංඛ්‍යා ලේඛන හා තොරතුරු දෙපාර්තුමේන්තුව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS