ජනගහනය 6.1% වැඩිවෙයි



ඩුබායි නුවර ජනගහනය මාස හයක් ඇතුලත 6.1%කින් වැඩි වී ඇති බව වාර්තා වේ.

2019 වර්ෂයේ දෙවන කාර්තුව අවසන් වනවිට ජනගහනය 3,272,415 දක්වා ඉහළ ගොස් ඇත.

2018 වර්ෂයේ දෙවන කාර්තුව තුල පුද්ගලයන් 192,250 දෙනෙක් ඩුබායි ජනගහනයට එකතු වී ඇති අතර මුළු ජනගහනය 3,080,165 දක්වා වැඩි වී ඇත.

පිරිමි ජනගහනය 69.6% කින් වර්ධනය වී ඇති අතර 2,155,155 සිට2,277,290 දක්වා ඉහළ ගොස් ඇත.

කාන්තා ජනගහනය 30.4% වර්ධනය වී ඇති අතර සංඛ්‍යාත්මකව 925,025 සිට 955,125 දක්වා ඉහළ ගොස් ඇත.

2019 ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුල විවාහයන් 2,339 ක් සහ දික්කසාද 639 ක් සිදු වී ඇති බව ඩුබායි සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS