ජගත් සමුළුව අමතයි



කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේ කටාර් රාජ්‍යයට එරෙහිව සෞදිය ප්‍රමුඛ සෙසු රටවල් පනවා ඇති සම්බාධක ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් කියාය.

සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව කටාරය හුදෙකලා කිරීමට සම්බාධක පනවා මේ වනවිට වසරකට වැඩි කාලයක් ගත වී ඇත. සම්බාධක පැනැවීම කළේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත් අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමිනි.

සම්බාධක හේතුවෙන් කටාරය හුදෙකලා වී සිටින බවත්, තමන් ගැටළු රැසකට මුහුණ දී සිටින බවත් කටාර් එමීර්වරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී පැහැදිලි කළේය.

පවතින අර්බුදය විසඳා ගැනීමට තමන් සාකච්ඡා කිරීමට සූදානම් නමුත්, කොන්දේසිවලට එකඟ වන්නේ නැති බව ද කටාර් එමීර්වරයා අවධාරණය කළේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS