ජගත් සංවිධානයෙන් අනතුරු



තුර්කි හිතවාදී සටන්කාමීන් උතුරු දිග සිරියාවේදී සිවිල් වැසියන් ඝාතනය කර ඇතැයි එය ‘යුද අපරාධ’ චෝදනාවලට ලක්වීමට හේතුවක් වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීය.

සටන්කාමීන් කරන ලද එම ක්‍රියාවලට තුර්කිය “වගකිව” යුතු යැයි හැඟී යන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත.

ඉකුත් සති අන්තයේදී තුර්කි සටන්කාමීන් සිවිල් වැසියන් නවදෙනකු ඝාතනය කර ඇතැයි කුර්දිවරුන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කළේය. තුර්කිය උතුරු දිග සිරියාවට එල්ල කරන ප්‍රහාර සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී තිබේ. තුර්කිය සිරියානු-තුර්කි දේශසීමාව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලද්දේ පසුගිය සතියේ බදාදා ය.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS