ජගත් මහලේකම් හමුවෙයි



එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසියට සහභාගීවීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගිය ඉරාන ජනාධිපති හසන් රොව්හානි සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අතරේ හමුවක් පැවැත්විණි.

හමුව පැවැත්වූයේ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය. මූලස්ථානයට පැමිණි ඉරාන ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ගුටරේට්ස් කටයුතු කළේය.

කලාපීය ගැටලු සම්බන්ධයෙන් ඉරාන ජනපතිවරයාත් ජගත් මහ ලේකම්වරයාත් අතරේ සාකච්ඡා පැවැත්විණි.

ඇන්තෝනියෝ ගුටරේට්ස් ජගත් මහ ලේකම්වරයා ලෙස මහා මණ්ඩල සැසියක් මෙහෙයවන පළමු අවස්ථාව මෙය වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS