ජගත් මහ ලේකම් කුවේටයේ



ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් පසුගිය දා කුවේටයට පැමිණියේය.

කුවේට් එමීර් ෂෙයික් සාබා අල් අහ්මද් අල් ජබා අල් සබාගෙන් මහ ලේකම්වරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.

සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් කටාර් රාජ්‍යය සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීමෙන් පසු හටගත් අර්බුදය සම්බන්ධයෙන් කුවේට් එමීර් ෂෙයික් සාබා අල් අහ්මද් අල් ජබා අල් සබා සහ ජගත් මහ ලේකම්වරයා අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා වේ.

දෙදෙනා අතර හමුව පැවැතියේ කුවේට් සිටී හිදීය. කටාර් අර්බුදය මුල්කොට ගනිමින් ඊට විසඳුම් සොයා දීමට මැදහත්කරුවකු වන්න කුවේට් රාජ්‍යය උත්සාහ ගනී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS