ඡායාරූපයක් සෞදිය කළබයි



ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කරන ඡායාරූපයකට විශේෂ අවධානයක් යොමු වී ඇත.

සමාජ ජාල වෙබ් අඩවි කීපයකට කිසියම් පුද්ගලයෙක් ඡායාරූපය එක්කර ඇති අතර සමාජ ජාල පරිශීලකයන් බොහෝ දෙනෙක්  අදහස් පළ කර ඇත.

ජෙඩා නුවර අබ්දුල්ලාසිස් අන්තර්ජාතික ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු රේගු නිලධාරි,මුෂාබ් අල්-අහමාරිරොනාල්ඩෝගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කර ඇත.

සෞදි අරාබියට පැමිණෙන සියළුම දෙනාවම පරීක්ෂා කරන ලෙස සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, අබ්දුල්ලාසිස් බින් නයෙෆ් අල්-සවුද් කුමරු නියෝග කර තිබීම හේතුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩකයාවද පරීක්ෂා කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS