චෝදනා ප්‍රතික්ෂේප කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සියළුම රෝහල්වල කිසිදු අඩුපාඩුවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එමිරේටයේ රෝහලක මුඛ ආවරණ නොමැති බව දක්වමින් සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැර ඇති පදනම් විරහිත වීඩියෝවක් සම්බන්ධයෙන් කරුණු දක්මින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ බව ප්‍රකාශ කළේ ය.

සියළුම රෝහල්වලට අත්‍යාවශ්‍ය දේ ලබා දීමට කටයුතු කර ඇති බවත්, අදාල වීඩියෝව සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරිමට කටයුතු කළ පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු අන්තර්ජාලයට මුදාහැර ජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපහසුතාවයට පත් නොකරන ලෙස මෙවැනි ක්‍රියාවවලට සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(එමිරේට්ස් 247, ඩුබායි නුවර)  

RECOMMEND POSTS