චෝදනා එපා: යුද්දේ ඉවර කරන්න



ඉරානයට චෝදනා නොකර, යේමන යුද්ධය කඩිනමින් අවසන් කරන්නැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානි සෞදියට කියයි.

ඉරාන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නෙදර්ලන්ත විදේශ ඇමැති වෙනුවෙන් වැඩ බලන සිරිඞ් කාග් හමුවුණු අවස්ථාවකදීය. ඇමැතිනිය සිරිඞ් කාග් සහ ඉරාන ජනාධිපති අතර හමුව පැවැත්වුණේ තෙහෙරාන් අගනුවරදීය.

ඉරාන ජනපති රොව්හානි සෞදියෙන් සහ සෞදියට සහාය දක්වන සෙසු රටවලින් වැඩි දුරටත් ඉල්ලා සිටියේ, යේමන අර්බුදය සම්බන්ධයෙන් ඉරානයට ඇඟිලි දිගු නොකර, එය අවසන් කර යේමන වැසියන්ට යළි නිදහසේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දෙන ලෙසය.

සෞදිය සටන් වදින්නේ යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන්ට එරෙහිවය. සෞදිය හැමවිටම චෝදනා කරන්නේ හවුති කැරැලිකරුවන්ට ඉරානයෙන් සහාය හිමිවන බවටය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS