චොකලට්වල ඌරු මේදය නෑ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අලෙවි කරන චොකලට්වල ඌරු මේදය අඩංගු බවට කටකතාවක් පැතිර යයි. 

අදාල කටකතාවට අනුව, එමිරේටය තුල අලෙවි කරන “Break Supa’’ නැමති චොකලට් වර්ගයේ ඌරු මේදය අඩංගු බවට වැරදි මතයක් සමාජ ගත කිරීමට උත්සහ කර ඇති බවත්, කටකතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඩුබායි නගර සභාව ප්‍රකාශ කළේ ය.

“ජෙලටීන් E471’’ භාවිතා කර දරුවන්ගේ සහ අනිකුත් ආහාර නිෂ්පාදය කරන බවත්, අදාල චොකලට් වර්ගය එළවළු තෙල්වලින් සහ එමිරේට්ස් ආහාර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන බව ඩුබායි නගර සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS