චීනයට යෑම තහනම්: සෞදිය කියයි



සෞදි ජාතිකයන්ට සහ විදේශ ශ්‍රමිකයන්ට චීනයේ සංචාරය කිරීම සෞදි රජය තහනම් කර ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියට කොරෝනා වෛරසය පැමිණීම වැළැක්වීමේ පියවරක් ලෙස චීනයේ සංචාරය කිරීම තහනම් කරන බව සෞදි විදේශ ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළේ ය.

පනවා ඇති තහනම නොතකා චීනයේ සංචාරය කරන විදේශ ශ්‍රමිකයන්ට සෞදි අරාබියට නැවත ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව අල්-රියාද් වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS