චීනයට යන්න එපා: ඕමාන් රජය



චීනයේ සංචාරය නොකරන ලෙස ඕමාන් රජය ජනතාවට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසයෙන් 170 වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වීම හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

අත්‍යවශ්‍යම කාරණයකට පමණක් චීනයේ සංචාරය කරන ලෙසත්, හැකිතාක් විදේශ සංචාරයන්වලින් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය අහමඩ් බින් මොහොමඩ් අල්-සයිඩි ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. 

වෛරස් රෝගයේ නවතම වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන්ට අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර ඇත.

තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ජපානය, තායිවානය, දකුණු කොරියාව, හොංකොං, මැකාවෝ, වියට්නාමය, නේපාලය, කාම්බෝජය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළුව වෛරසය ව්‍යාප්තව ඇති රටවල්වල සංචාරය කිරීමෙන් වළකින ලෙසද දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS