චීනය කුර්දිස්තානයට ළං වෙලා



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද චීනය කුර්දිස්තානයට ළං වී ඇති බවත් එය ඇමෙරිකාවේ කනස්සල්ලට හේතුවක් වී ඇති බවත් වාර්තා වේ.

කුර්දිස්තානය යනු තුර්කියට අයත් වුවත්, වෙනම පාලනක් සහිත පාලන ප්‍රදේශයක් වන අතර කුර්දි වැසියන් ජීවත් වන්නේ මෙම කුර්දිස්තානයේය.

කුර්දිස්තානය තෙල් නිධිවලින් පිරි ස්ථානයකි.

කොවිඩ් 19 වයිරස වසංගතය හමුවේ චීනය කුර්දිස්තානයට වෛද්‍ය ආධාර තොගයක් යවා ඇත. එම වෛද්‍ය ආධාර තොගයට අමතරව මුහුණු ආවරණ ලක්ෂ දෙකක් ද චීනය කුර්දිස්තානයට යවා ඇත. ඒ පසුගිය මාර්තු 8 වැනිදාය.

ඇමෙරිකාව කුර්දිස්තානය සමඟ සබඳතා පවත්වන්නේ ඉරාකය හරහාය. එම සබඳතා අවුල් කර දැමීමට චීන කුර්දිස්තාන මිතුදම් හේතුවක් වේවි යැයි බිය පළ කෙරේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS