චීන-හොංකොං ගුවන්ගමන් අත්හිටුවයි



මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටය චීන-හොංකොං ගුවන්ගමන් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

කුවේට් රජය අදාල තීරණය ගෙන ඇති අතර, කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා ක්‍රියාත්මක වන සියළුම ගුවන් සමාගම්වලට දැණුම්දීමට කටයුතු කර ඇත.

පසුගිය සති දෙක තුළ චීනයේ හෝ හොංකොං හි රැඳී සිටි සියලුම කුවේට් ජාතිකයන්ට මෙන්ම කුවේටයේ පදිංචිය සඳහා බලපත්‍ර හෝ වීසා බලපත්‍ර ලබා ඇති අය ද මෙම තහනමෙන් ආවරණය වන බව කුවේට් රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

නැවත දැණුම් දෙනතුරු අදාල තහනම ක්‍රියාත්මක බව කුවේට් රජය සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(aa.com.tr කුවේට් නගරය)

RECOMMEND POSTS