චීන ජනපතිගේ තෙදින සෞදි සංචාරය ඇරැඹේ



තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් සෞදි අරාබියේ රියාද් බලා පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. චීන ජනාධිපති ෂී ජින්පින් සෞදියට පැමිණියේ චීන නියෝජිතයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි.

සෞදි රජු සල්මාන් රජු මෙන්ම ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගෙන් ද චීන ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. සෞදියත් චීනයත් අතර ද්වී පාර්ශ්වීක සබඳතා තර කර ගැනීමෙන් පසු නව ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. දෙරට අතර ඇමෙරිකන් ඩොලර් බිලියන 29.26 ක ගිවිසුම්වලට අත්සන් තැබුණි.
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අදහසකට අනුව, චීන අරාබි සමුළුවක් ද පැවැත්වෙයි. අරාබි රටවල රාජ්‍ය නායකයන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය. චීනය සහ අරාබි රටවල සහභාගීත්වයෙන් සමුළුවක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
(රොයිටර්)

RECOMMEND POSTS