චීන ජනපති එමීරේටයට



චීන ජනාධිපති, ෂී ජින්පින් එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ජනාධිපතිවරයා ජුලි 19දින එමිරේට්ස් රාජ්‍යයට පැමිණෙන අතර 21දින පිටත්ව යෑමට නියමිතව ඇත.

චීනය සමඟ සහයෝගයෙන් වැඩකිරීමට කැමැත්තෙන් පසුවන බව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ජනාධිපති කටයුතු පිළිබඳ අමාත්‍ය, ෂයීක් මන්සුර් බින් සෙයිඩ් අල්-නහියන් ප්‍රකාශ කලේය. 

චීන ජනාධිපතිවරයාඑක්සත් අරාබි එමිරේට්ස් උප ජනාධිපති, අගමැති සහඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම් සහඅබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ හමුදා ප්‍රධානී, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන් හමුවීමට නියමිතව ඇත.

සහයෝගිතාවය වර්ධනය කරගැනීම සඳහා ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර දෙරටටම වැදගත්වන කරුණු සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නායකයන් අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

චීන ජනාධිපතිවරයා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, අමාතවරු සහ ව්‍යාපාරිකයන් රැසක් සමඟ පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS