චාල්ස් - කැමිලා මැද පෙරදිග සංචාරයක



බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග කලාපයේ සුහදත්වය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු සහ කැමිලා පාකර් කොන්වෝල් ආදාපාදවරිය ලබන මස 05 වැනිදා සිට 11 වැනිදා තෙක් මැදපෙරදිග සංචාරයක නිරත වනු ඇත.

ඒ අනුව ඔවුන් දෙපළ ඕමානය , එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේනයේ සත් දින නිල සංචාරයක නිරතවේ.මෙම කාලය තුළ චාල්ස් කුමරු සහ කැමිලා පාකර් කොන්වෝල් ආදාපාදවරිය එම මැදපෙරදිග රටවල ආගමික සහජීවනය ,ආරක්ෂක සහයෝගීතාවය , කාන්තා නායකත්ව ප්‍රවර්ධනයට සහාය දීම ,තරැණ ප්‍රජාවට වැඩි අවස්ථා ලබාදීම ,එම රටවල සංස්කෘතික හා වනජීවි සංරක්ෂළු ආදි දෑ සම්බන්ධයෙන් ඒ ඒ රටවල් දේශපාලන හා සිවිල් සමාජ බල අධිකාරීන් සමග සාකච්ඡා පවත්වනු ඇත.

 එසේම විවිධ රාජ්‍ය උත්සව ,සමාජ සත්කාරක වැඩසටහන් රැසකටද රාජකීය යුවළ  සහභාගී වීමට නියමිතය.

දස වසරකට පෙර එනම් 2007 වසරේදී මෙම රාජකීය යුවළ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් නිල සංචාරයක නිරතවූ අතර මෙම සංචාරය තුළදී රාජකීය යුවළ පළමුවෙන්ම ඕමානයේ ද , දෙවනුව එක්සත් අරාබි එමීර් තුළද ,අවසානයේ බහරේනයේ සංචාරය කරමින් සිය මැදපෙරදිග සංචාරය අවස්න කරනු ඇත.

( තිළිණි ද සිල්වා )

ටයිම්ස් ඔෆ් ඕමාන් ඇසුරෙනි...


RECOMMEND POSTS