චරිත සහතිකය අනිවාර්යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සේවය කිරීමට පැමිණෙන විදේශ ශ්‍රමිකයින් චරිත සහතිකය ලබාගෙන පැමිණිම අනිවාර්ය කර ඇති අතර අදාල නීතිය 2018 පෙබරවාරි 04වන දින සිට ක්‍රියාත්මක කරන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රැකියා ඉල්ලුම්කරු අවසන් වසර පහ ජීවත් වු රටේ බලධාරීන්ටඅවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර චරිත සහතිකය ලබාගත යුතුව ඇති අතර ලබාගත් චරිත සහතිකය එමිරේට්ස් රජය පිළිගත් නියෝජිතායතනයකට ඉදිරිපත් කර සහතික කරවා ගත යුතුව ඇත.

එමිරේට්ස් ජනතාවට ගුණාත්මක සේවාවන් සැපයිම සහ විනය ගරුක ශ්‍රමිකයින් රට තුළට ගෙන්වා ගැනීමේ එක් අංගයක් ලෙස චරිත සහතික ලබාගෙන පැමිණීම අනිවාර්ය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS