චරිත සහතික දීම කල් යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුල රැකියා ලබාගැනිමේදි චරිත සහතිකය අනිවාර්ය කිරීමට එමිරේට්ස් මානව සම්පත් අමාත්‍යාංශය පසුගියදා තීරණය කර තිබු අතර අදාල තීරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට අමාත්‍යාංශය තීරණය කර බව වාර්තා වේ.

තම පුරවැසියන් එමිරේට්ස් රැකියාවලට ඉල්ලුම් කිරිමේදිචරිත සහතිකය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ගෙන එන ලද නීතිය නිසා බොහෝ තානාපති කාර්යාලයන් අපහසුතාවයන්ට මුහුණදීමට සිදු වු අතර සියලුම කරුණු සැළකිල්ලට ගනිමින් දින නියමක් නොමැතිව කල් දැමීමට අමාත්‍යාංශයට තීරණය කර ඇත.

අදාල කල්දැමීම පිළිබඳව අමාත්‍යාංශයට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS