චරිත සහතික ගැන දැනුවත් කෙරේ



තම රටේ සේවය සඳහා පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් චරිත සහතිකයක ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සියලු රටවල් දැනුවත් කරන බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ බලධාරීහු පවසති.

චරිත සහතික ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන නව නීතිය මේ වසරේ පෙබරවාරි මස 04 වෙනි දින සිට එරට තුළ බලපැවැත්වෙන බව ද එම වාර්තා නිවේදනය කරයි.

එමිරේට්ස් ජනතාවට, සේවා ආයතනවලට ගුණාත්මක සේවාවන් සැයයීමත් රට තුළට විනය ගරුක විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමත්, ලෝකයේ ආරක්ෂිතම රටවල් වලින් එකක් බවට එමිරේටය පත් කිරීමේ අරමුණත් ඇතිව මෙම ක්‍රීයාමාර්ගය ගෙන ඇත.

චරිත සහතිකය ලබා ගැනීමේදී රැකියා ඉල්ලුම්කරු අවසන් වසර පහ තුළ ජීවත්වූ රටේ බලධාරීන්ට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත්කර සහතිකය ලබා ගතයුතු අතර එම සහතිකය එමිරේට්ස් රජයේ පිළිගත් නියෝජිත ආයතනයකින් සහතික කර ගැනීම ද අනිවාර්ය කර තිබේ.

එමෙන්ම අදාළ සහිතකය සේවය සදහා පැමිණෙන සේවකයින් සදහා වලංගුවෙන අතර ඔහුගේ හෝ ඇයගේ යැපෙන්නන්ට එය අදාළ නොවන බව ද එම වාර්තා පවසයි.

සංචාරය සඳහා හෝ සංචාරක වීසා සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය නොවේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS