ඝානාවට කුවේටයෙන් අවස්ථාවක්



ඝානා රාජ්‍යයේ නියෝජිතයන්කුවේට් මිනිස්බල අමාත්‍යාංශය සමඟ ඝානා ශ්‍රමිකයන්ට කුවේටයේ ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ඉදිකිරීම්, කෘෂිකර්ම සහ ගෘහ සේවය යනක්ෂේත්‍රවලට ශ්‍රමිකයන් බඳවාගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වු බව මිනිස්බල අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්, අහමඩ් අල්-මූසා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ඝානා නියෝජිතයන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර ශ්‍රමිකයන් බඳවාගැනීමට කටයුතු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS