ඝාතනයට 6ක් අල්ලයි



ඊජිප්තුවේ ජීවත් වු කුවේට් ජාතිකයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊජිප්තු ජාතිකයන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කලීඩ් අල්-රෙයෙෂ්, අසූ එක් (81) හැවිරිදි කුවේට් ජාතිකයා ඝාතනය කිරීම සඳහා නිවසේ සේවය කළ තිස්තුන් (33) හැවිරිදි ගෘහ සේවිකාව ඝාතකයන්ට ඇතුළුවීමට දොර විවෘත කර දී ඇති බවට මූලික විමර්ෂණවලදී අනාවරණය කර ගෙන ඇත.

ඝාතකයන් කුවේට් ජාතිකයා රැදී සිටි කාමරයට ඇතුළුවී මුහුණ බැඳ මුදල් සොරකම් කර ඇති අතර පසුව පටියකින් ගෙල සිර කර ඝාතනය සිදුකර ඇත.

දොර විවෘත කර දුන් ගෘහ සේවිකාවගේ සොයුරා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS