ඝාතකයා උබර් රියදුරෙක්



ලෙබනන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කළ රෙබෙකා ඩයික්ස්  ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අංඩගුවට ගත් බව පැවැසෙන්නේ උබර් කුලීරථ රියදුරකු යැයි ලෙබනන් පොලීසිය කියයි.

මීට පෙර අවස්ථාවන් කීපයකදී එම පුද්ගලයාට විරුද්ධව අපරාධ චෝදනාවන් එල්ල වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

“සිදුව ඇති සිද්ධිය පිළිබඳව අපගේ කණගාටුව ඇයගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කර අතර උබර් කුලීරථ සමාගම හැටියට අපට දැක්විය හැකි උපරිම සහයෝගය පරීක්ෂණ කටයුතු වලට ලබාදෙනවා’’ යනුවෙන් උබර් කුලීරට සමාගමේ ප්‍රකාශකයෙකු විද්‍යුත් ලිපියක් මඟින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS