ගෝලීය තෙල් මිල ඉහළට



තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථානවලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසු, තම තෙල් නිෂ්පාදන කටයුතු සියයට 5 කින් පහළ වැටී ඇතැයි සෞදි රජය කියයි. ඒ අනුව මේ වනවිට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට පටන්ගෙන ඇති බවත් වාර්තා වේ.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඇරැම්කෝ සමාගමට අයත් තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ වී ඇත. ප්‍රහාරයෙන් පසු පිපිරීම් සහ ගිනි ගැනීම් හට ගත්තේය. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය ගණනක් මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවිය.

ප්‍රහාර හේතුවෙන් තෙල් බැරල් මිලියන 6 ක ප්‍රමාණයක් අහිමි වුණු බව සෞදි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ අනුව, ගෝලීය තෙල් මිල ඉහළ ගියත්, එය යළි ස්ථාවර තත්ත්වයකට පත් වනු ඇති බව සෞදි බලශක්ති ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS