ගොඩනැගිල්ලක් කඩා වැටේ



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අල්-මුහසනා නගරයේ ඉදිකරමින් තිබු විශාල ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වල නිරත වෙමින් සිටි සේවයකයෙකු අතුරුදහන් වීඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මුදවා ගැනීමේ කණ්ඩායම් පැමිණ අතුරුදහන් වු සේවකයා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සේවකයින් කීපදෙනෙකුද තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුන්වන මහලේ ටොන් 80ක් පමණ බර කොන්ක්‍රීට් තට්ටුවක් දෙවන මහලට කඩා වැටීමෙන් අනතුර සිදු වී ඇති අතර කෙන්ක්‍රීට් තට්ටුව කඩාවැටීමෙන් ගොඩනැගිල්ලටද හානි සිදු වී ඇති බව ඩුබායි පොලිසියේ සෙවීම් සහ ජිවිතාරක්ෂක දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ලුතිනල් කර්නල් අහමඩ් ඇටෙක් බුර්ගිබා ප්‍රකාශ කළේය.

මුදවා ගැනීමේ කණ්ඩායම් සුනඛයින් සහ අධි-තාක්ෂණික උපකරණ යොදාගනිමින් අතුරුදහන් වු සේවකයා සෙවීමේ මෙහෙයුම් වල නිරත වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS