ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මියයති



සිරියාවේ ඇලෙප්පෝ නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක් හිටිහැටියේ බිමට සමතලා වීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 20 කි.

මියගිය සහ තුවාල ලැබූ පිරිස අතරේ කුඩා දරුවන් බොහෝ දෙනෙකු සිටින බව වාර්තා වේ. පසුගිය කාලයේ ඇලෙප්පෝ නගරය අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවිය. නගරය මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත් වූයේ දරුණු ගැටුම්වලින් පසුවය.

කඩා වැටුණු මෙම ගොඩනැගිල්ල යුද සමයේ දී දැඩි ලෙස හානියකට ලක් වුණු එකක් යැයි ඇලෙප්පෝ නගර බලධාරීහු කියති. නගරයේ ගොඩනැගිලි බොහොමයක් මේ අයුරින් ඉතා අවදානම් තත්ත්වයක පවතින බව ද පැවැසෙයි.

ඩමැස්කස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS