ගුවන්යානා නවත්වන්න පගාව අරන්



 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාර පැවැත්වෙන අතරතුර නිව්යෝක් නුවර ජෝන්. එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපලේ ගුවන්යානා රාත්‍රී කාලයේ නතර කර තැබීමට ගුවන්යානා අධීක්ෂණ නිලධාරිණියක්කටාර් රාජ්‍යය ඇතුලු රටවල් කීපයකින් අයථා ආකාරයෙන් මුදල් සහ භාණ්ඩ ලබාගෙන ඇති බව තහවුරු වී ඇත.

මර්ලින් මිසී, අධික්ෂණ නිලධාරිණිය වසර පහකට ආසන්න කාලයක් අයථා ආකාරයෙන් මුදල් සහ ත්‍යාග ලබාගෙන ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඇය වසර තිස්පහක (35) කාලයක් ගුවන්තොටුපලේ සේවය කර ඇති අතර ආරක්ෂක නීතිරීත සහ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් රැකියාවෙන් නෙරපා දැමීමට ගුවන්තොටුපල පාලනාධිකාරය කටයුතු කර ඇති බව වාර්තා වේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන කටාර් සංචාරක සම්බන්ධීකරණ නිලධාරියෙක්ටද චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS