ගුවන්යානයක් හදිසියේ ගොඩබස්සවයි



සෞදි අරාබියේ ටබුක් පළාතේ සුල්තාන් කුමරු ගුවන්තොටුපොලට හදිසියේ ගුවන්යානයක් ගොඩබස්සවා ඇති බව වාර්තා වේ.

ජසීරා ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් ගුවන් මඟීන් 156 රැගෙන කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වී ඇත.

ගුවන්යානයේ ඇති වු හදිසි ගින්නක් හේතුවෙන් ගුවන් නියමුවා සුල්තාන් කුමරු ගුවන්තොටුපොළේ පාලන මැදිරිය අමතා ගුවන්යානය ගොඩබැස්සවීමට ඉල්ලා ඇති අතර පාලන මැදිරිය ගුවන්යානාය ගොඩබැස්සවීමට අවසර ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS