ගුවන්යානයක් පුපුරවන්න හදලා



තමන් ලඟ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට තර්ජනය කර ගුවන් මඟීන්ගේ ජීවිතවලට සහ ගුවන්යානය පුපුරවා හරින බවට තර්ජනය කරමින්බීමත්ව හැසිරුණුගල්ෆ් ගුවන් නියමුවෙක් ඩුබායි අපරාධ අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය ගුවන් මඟියෙක් ලෙස ගුවන් නියමුවා ගුවන්යානයේ ගමන් කරමින් සිටින අවස්ථාවේදි අධික බීමත්කම හේතුවෙන් ගුවන් කාර්ය මණ්ඩලයට සහ ගුවන් මඟීන්ට පරුෂ වචනයෙන් බැනවැදිමින් මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.

ගුවනයානය තුල මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන්ද ගුවන් නියමුවාට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS