ගුවන්තොටුපොලේ දෙවන අදියරය ඇරඹේ



සෞදි අරාබිය යේමනයේ ඒඩ්න් ගුවන්තොටුපොල නවීකරණය කිරීමේ දෙවන අදියරය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

යේමනය සඳහා වන සෞදි සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මගින් ගුවන්තොටුපොල නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ධාවන පථ අළුත්වැඩියා කිරීම, මගී පර්යන්ත ඉදිකිරීම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රදේශය මෙන්ම බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම් දෙවන අදියරයට ඇතුළත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඒඩ්න් නුවර)


RECOMMEND POSTS