ගුවන්තොටුපොලවල් අතරින් 14 තැන



ගුවන් මඟීන්ට ගුණාත්මක සේවයක් ලබාදෙන ගුවන්තොටුපොලවල් අතුරින් 14 වැනි ස්ථානය මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හිමිකර ගෙන ඇති බව වාර්තා වේ. 

ගුවන්තොටුපොලවල් 371ක් අතුරින් 14වැනි ස්ථානය හිමිකරගැනීමට මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපෙල සමත් වී ඇත.

ඉන්දුනීසියාවේ බාලි හි පැවති ගෝලීය පාරිභෝගික අත්දැකීම් සමුළුවේදී අදාල ස්ථානය ප්‍රකාශයට පත් කර ඇත.

2020 වන විට ලෝකයේ හොඳම ගුවන්තොටුපළ 20 අතරට ගෙන ඒම සඳහා 2015 දී දියත් කරන ලද උපාය මාර්ගික සැලසුම් හේතුවෙන් අදාල ස්ථානය දිනාගැනීමට හැකි වී ඇත.

සලාලාහ් සහ ඩුක්ම් ඇතුළුව ඕමානයේ ඇති සියළුම සිවිල් ගුවන්තොටුපොලවල් ලෝකයේ අනිකුත් ගුවන්තොටුපොලවල් භාවිතා කරන නවීතම තාක්ෂණය භාවිතා කර උසස් තත්ත්වයකට ගෙන ඒමට ඕමාන බලධාරීන්ගේ අවධනය යොමු වී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS