ගුවන්ගමන් තහනම දීර්ඝ කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඉන්දියාව අතර පනවා තිබූ ගුවන්ගමන් තහනම දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

අදාල තහනම 2021 ජුලි 06 දක්වා දීර්ඝ කර ඇති බව එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන්සමාගම නිවේදනය කරයි.

ඉන්දියාවේ සිට පැමිණෙන සහ ඉන්දියාවට පියාසර කරන සියලුම ගුවන්ගමන් 2021 ජූලි 06 වෙනිදා දක්වා අත්හිටුවීමට එමිරේට්ස් සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර ඇති බව ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ටිකට්පත් මිලදී ගත් ගුවන් මගීන්ට නැවත ටිකට්පත් මිලදී ගැනීමට අවශ්‍ය නොවන බව ගුවන් සමාගම පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS