ගුවන් සමාගමට සයිබර් ප්‍රහාරයක්



කුවේට් ගුවන් සමාගමට අයත් ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ ජාල ගිණුම් දෙකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

නාඳුනන පුද්ගලයෙක් සමාජ ජාල ගිණුම් දෙකට ඇතුළු වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කුවේට් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

සයිබර් ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදු වී නොමැති බවත් අවශ්‍ය තාක්ෂණික දැණුම ලබාගෙන යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS