ගුවන් සමාගමට උසස්වීමක්



කුවේට් ගුවන් සමාගම 2019 වර්ෂය සඳහා තරු පහේ ශ්‍රේණිගත කිරීමකට උසස් කර ඇති බව වාර්තා වේ.

අදාල ශ්‍රේණිගත කිරීම “ගුවන් මගී අත්දැකීම් සංගමය’’ මගින් ගුවන් සමාගමට ලබාදීමට කටයුතු කර ඇත.

2018 ජූලි 01 සිට 2019 ජුනි 30 දක්වා කාලය තුල ජාත්‍යන්තර ගුවන් සමාගම් 600 ක ගුවන් ගමන් වාර මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක ගමන් ගත් ගුවන් මඟීන් ශ්‍රේණිගත කිරීම සඳහා යොදා ගත් බව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ගුවන් මගී අත්දැකීම් සංගමය ප්‍රකාශ කළේ ය.

ආහාර සහ බීම වල ගුණාත්මකභාවය,වයි-ෆයි සේවාව,විනෝදාස්වාදය සහ ආසනවල සුවපහසුව ඇගයීම් නිර්ණායක ලෙස යොදාගෙන ඇත.

නිවැරදි කළමණාකරණය තුලින් කුවේට් ගුවන් සමාගම ජයග්‍රහණ රාශියක් පසුගිය කාලය තුල ලබාගැනීම සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS