ගුවන් සමාගම බිලියනයක ණයක් ඉල්ලයි



කටාර් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ණය මුදලක් ලබාගැනීම සඳහා බැංකු කීපයක් සමඟ සාකච්ඡා කරන බව වාර්තා වේ.

කොරෝනා වසංගතයෙ හේතුවෙන් ගුවන් සමාගමට සිදු වී ඇති පාඩුව අවම කරගැනීමට සහ ගුවන් සමාගම සතු ජාලය පුළුල් කිරීම සඳහා අදාල ණය මුදල ලබාගන්නා බව කටාර් ගුවන් සමාගමට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන් සමාගමට සිදුවන පාඩුව අවම කිරීම සඳහා තාවකාලිකව වැටුප් කප්පාදු කර ඇති අතර, සැලකිය යුතු මට්ටමකින් රැකියා කප්පාදුවක් සිදුකිරීමට සූදානම් වන වාර්තා වේ.

බෝයිං 787-9වර්ගයේ ගුවන් යානා හතක් මිලදී ගැනීම සඳහා කටාර් ගුවන් සමාගම පසුගිය මාසයේ ගිවිසුමක්දඅත්සන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)

RECOMMEND POSTS