ගුවන් සංදර්ශනය අවසන්



එමිරේට්ස් ගුවන් හමුදාවට අයත් ගුවන් සංදර්ශන කණ්ඩායම සාර්ථකව ගුවන් සංදර්ශන මාලාව අවසන් කර ඇති බව වාර්තා වේ.

ඩුබායි, සාජා, අජ්මාන්, උම් අල්-කයිවාන්, රාස් අල්-කයිමා සහ ෆුජයිරා හි තෝරාගත් රෝහල් කීපයක ඉහළ අහසේ ගුවන් සංදර්ශන පවත්වා ඇත.

කොරෝනා වසංගතයෙන් ජනතාව බේරාගැනීමට කටයුතු කරන වෛද්‍යවරුන්,පරිපූරක වෛද්‍යවරුන්, හෙදියන්ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට ගරු කිරීමක් ලෙස එමිරේට්ස් හමුදා මුලස්ථානය ගුවන් සංදර්ශන සංවිධානය කර ඇත. 

සෞඛ්‍ය සේවකයන්ට ස්තුතිය සහ කෘතඥතාවය පළ කරමින් සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය පණිවිඩයක්ද නිකුත් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS