ගුවන් යානා 93.3% ක් නියමිත වේලාවට එයි



කුවේට් ගුවන් සමාගමමේ ගුවන්යානාකුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලට නියමිත වේලාවට පැමිණීමේ ප්‍රතිශතය93.3% දක්වාඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2019 ජුලි මාසයේදී 88.0% වු බවත්, අගොස්තු මාසයේදි 93.3% දක්වා ඉහළ ගොස් ඇති බව ගුවන් සමාගම පවසයි.

කුවේට් ගුවන් සමාගම මැදපෙරදිග ගුවන් සමාගම් අතරින් පළමු ස්ථානයත්, ලෝකයේ ගුවන් සමාගම් 175ක් අතුරින් 17වන ස්ථානය දිනාගැනීමට සමත් වී ඇති බවට බ්‍රිතාන්‍ය ගුවන් සේවා සමාගම නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර ඇත.

කුවේට් ජාතික ගුවන් සේවය “Kuwait National Airlines Limited’’ නමින් පෞද්ගලික ගුවන් සමාගමක් ලෙස1953 වර්ෂයේදි ආරම්භ කර ඇති අතර 1962 වසරේදි කුවේට් රජයට පවරා ගෙන ඇත.

කුවේට් ජාතික ගුවන් සේවය ලොව පුරා ගමනාන්ත හතළිහකට වැඩි සංඛ්‍යාවකට ගුවන්ගමන් සේවා සපයයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS