ගුවන් යානයේ ටයරයක් පිපිරිලා



කිංග් කලීඩා අන්තර්ජාතික ගුවන්තොටුපොලෙන් ගුවන්ගතවු සෞදි අරාබියන් ගුවන් සමාගමට අයත් 1733 දරණ ගුවන් යානාය බිෂා ගුවන්තොටුපොලට ගොඩබැස්සවීමේදි ගුවන්යානයේ ඉදිරිපස ඇති ටයරයක් පුපුරාගොස් ඇති අතර කිසිදු අනතුරක් සිදු නොවී ගුවන්යානය ගොඩබැස්සවීමට ගුවන් නියමුවා සමත්වු බව සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරියට අයත් නිළ ටුවිටර් සමාජජාලා ගිණුමේ සදහන් කොට ඇත.

ඉණිමන් ආධාරයෙන් සියළුම මගීන් ගුවන්යානයෙන් ඉවත් කර ගුවන් මගීන් සදහා වෙන්කර ඇති ස්ථානයකට ඔවුන්ව රැගෙන යෑමට ගුවන්තොටුපොල බලධාරීන් කටයුතු කරන ලදී.

ඉන් පසු, ගුවන්යානා කාර්මික ශිල්පීන් පැමිණ ගුවන්යානය පරීක්ෂා කල අතර ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් බීෂා ගුවන්තොටුපොල බලධාරීන් වෙනත් ගුවන් යානයකින් ඔවුන්ව ජේඩා ගුවන්තොටුපොල වෙත රැගෙන යන ලදී.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

 


RECOMMEND POSTS