ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වලා



තුර්කියේ ස්තාම්බුල් නුවර සිටි සෞදි අරාබියේ කිංග් අබ්දුල්ලාසිස් ගුවන්තොටුපල බලා පියාසර කරමින් තිබු තුර්කි ගුවන්යානයක් තුලදි සෞදි ගුවන් මඟියෙකුට හදිසි රෝගාබාධ තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඊජිප්තුවේ කයිරෝ අන්තර්ජාතික ගුවන් තොටුපලට හදිසියේ ගුවන්යානය ගොඩබස්ස වීමට ගුවන් නියමුවා කටයුතු කළ බව අක්බාර්24 වෙබ් අඩවිය වාර්තා කළේය.

ගුවන්යානය ගොඩබැස්වීමෙන් අනතුරුව ගුවන් මඟියා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට ගුවන්තොටුපල බලධාරීන් කටයුතු කළ අතර  පැයක පමණ ප්‍රමාදයකකින් පසුව ගුවන්යානය කිංග් අබ්දුල්ලාසිස් ගුවන්තොටුපල බලා පිටත්ව ගිය බව වාර්තා වේ. 

ගුවන් මඟියාගේ පවුලේ සාමාජිකයින් ඔහු සමඟ රෝහලේ රැදි සිටීමට තිරණය කර ඇති බව අක්බාර්24 වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS