ගුවන් යානයක් කඩා වැටෙයි



සෞදි වනජිවී කොමිසමට අයත් කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන්යානයක් අනතුරකට ලක් වී ටබුක් පළාතේ ටයිමා ආණ්ඩුකර ප්‍රදේශයේ පිහිටා ඇති අල්-කන්කා වනෝද්‍යානයට කඩා වැටී ඇති බව වාර්තා වේ.

නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටින අවස්ථාවේදි අනතුරට මුහුණ දීමට සිදු වී ඇති බව වාර්තා වේ.

ගුවන්යානයේ සිටි ප්‍රධාන නියමුවා සහ සහය නියමුවා ඇතුළුව ගුවන්යානයේ ගමන් ගත් පුද්ගලයන් හතරදෙනාම අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

අල්-කන්කා වනෝද්‍යානයේ අධ්‍යක්ෂ, සවුඩ් බින් රාජා අල්-ෂෙම්මාරි, ප්‍රධාන නියමු ජුඩයි බින් හුසේන් අල්-ෂම්ලානි, සහය නියමු, මොහොමඩ් බින් මෙෆ්ලා අල්-කතාමි සහ වනෝද්‍යාන සේවක, මෙජ්සා අල්-ෂෙම්මාරි යන අය ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS