ගුවන් යානයක දරු උපතක්



සෞදි අරාබියේ සිට පිලිපීනය බලා පියාසර කරමින් තිබු සෞදි ගුවන් සමාගමට අයත් ගුවන්යානයක දරු උපතක් සිදු වී ඇති බව වාර්තා වේ.

ගුවන්යානයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් ගමන් කිරීම නිසා ඇයගේ උපදෙස් මත දරු ප්‍රසූතිය පහසුවෙන් සිදුකරගැනීමට මවට හැකි වී ඇත.

ගුවන්යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව මව සහ දරුවා වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා රෝහලකට ඇතුලත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS