ගුවන් මඟීන්ට කොවිඩ් ආවරණයක්



ඕමාන් ගුවන්සේවයේ ගුවන්යානාවල ගමන් කරන ගුවන්මඟීන්ට කොවිඩ් ආවරණයක් ලබාදීමට කටයුතු කරන බව ගුවන් සමාගම නිවේදනය කරනවා.

එලැඹුණු 2020 ඔක්තෝබර් 01 දින සිට 2021 මාර්තු 31 දින දක්වා අදාල කොවිඩ් ආවරණය ලබාදෙන බව ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

omanair.com වෙබ් අඩවියෙන් හෝ නියෝජිතයන්ගෙන් මිලදී ගන්නා ප්‍රවේශ පත්‍ර සඳහා ආවරණය ලබා දෙයි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන ඕනෑම වියදමක් කොවිඩි ආවරණයෙන් දරන අතර, රටවල් 12කට අයත් නගර 18කට ගමන් කරන ගුවන් මඟීන්ට ආවරණය හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS