ගුවන් මඟීන් මිලියන 4 ක් ගිහින්



2019 මාර්තු මාසයේ මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා ගුවන් මඟීන් මිලියන හතරක් (04) ගමන් කර ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයේ මාර්තු මාසය සමඟ සංසන්දනය කිරීමේදි 8.7%ක වර්ධනයක් බව ගුවන්තොටුපොල ආරංචිමාර්ග සඳහන් කරයි.

මාර්තු මාසයේ මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා ක්‍රියාත්මක වු ගුවන් ගමන් වාර සංඛ්‍යාව 28,346 සිට 28,775 දක්වා ඉහළ ගොස් ඇති අතර 1.5%ක වර්ධනයකි. අන්තර්ජාතික ගුවන්ගමන් වාර සංඛ්‍යාවද 2.1%කින් වර්ධනය වී ඇති අතර 25,789 සිට 26,334 දක්වා ඉහළ ගොස් ඇත.

මාර්තු මාසයේ ගුවන්තොටුපොලට පැමිණි සංඛ්‍යාව මිලියන 1.86ක්ද, පිට වී ගිය සංඛ්‍යාව මිලියන 1.85ක් සහ ගුවන්තොටුපොල හරහා වෙනත් ගමනාන්ත වෙත ගමන් කළ සංඛ්‍යාව 9,969ක්ද වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS