ගුවන් මඟීන් 5,500 පරීක්ෂා කරලා



කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා කුවේටයට පැමිණි ගුවන් මඟීන් පන්දහස් පන්සියයක් පරීක්ෂා කර ඇති බව වාර්තා වේ.

පකිස්ථානය, ඉන්දියාව ඇතුළුව නැගෙනහිර ආසියාවේ සිට ගුවන්යානා විසි හයකින් (26) පැමිණි ගුවන් මඟීන් පරීක්ෂාවට ලක් කළ බව කුවේට් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මාරක කොරෝනා වෛරසයෙන් රට නිදහස් කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට අනුකූලව ගුවන් මඟීන්ව පරීක්ෂා කිරීම වේගවත් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS