ගුවන් මගීන්ට ක්ලාන්තය හැදිලා



කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඇලෙක්සැන්ඩ්‍රියාවේ බර්ජ්අල්අරාබ්ගුවන්තොටුපළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබු පෞද්ගලික ගුවන් සමාගමකට අයත්  ඊජිප්තු ගුවන් යානයක වායු සමීකරණ පද්ධතිය අක්‍රිය වීම නිසා ගුවන්මඟින්ට ක්ලාත්ය ඇති වී දැඩි අපහසුතාවයකට සහ ලක්වු බව අක්බාර්24 වෙබ් අඩවිය වාර්තා කළේය.

වායු සමීකරණ කාර්මික ශිල්පීන් පැමිණ වායු සමීකරණ පද්ධතිය නැවත යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කල අතර පැයකට වැඩි කාලයක්  වැය කිරීමට කාර්මික ශිල්පීන්ට සිදු වීම හේතුවෙන් ගුවන් යානය ප්‍රමාද වී පියාසර කිරීමට සිදු වු බව වාර්තා වේ.

ගුවන් යානය තුල පවතින අධික උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය ගුවන් යානයේ ජනේලයන් විවෘත කල බව වාර්තා වේ.

අදාල සිද්ධිය විඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවි වල පළ කිරීමට ගුවන් මඟින් කටයුතු කළ බව වාර්තා වේ. 

විඩියෝව නැරඹීම සඳහා:https://www.youtube.com/watch?v=quLeA8uwWYw

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS