ගුවන් ප්‍රහාරවලින් 11 මරුට



ඊශ්‍රායල ගුවන් හමුදාව දකුණු දිග ඩැමස්කස් නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් එකොළොස් (11) දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදීන් සිරියාවට එල්ල කළඅමානුෂික රොකට් ප්‍රහාර කීපයකට පසුව ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයකි.

ඊශ්‍රායල පසුගිය මැයි මාසයෙන් පසු එල්ල කළ දරුණුතම ගුවන් ප්‍රහාරය මෙය බවත්ත්‍රස්තයන් 27 දෙනෙක් ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වුබවත් ඉරාන ජාතිකයන් එකොළොස් දෙනෙක්ද එයට ඇතුලත් වන බව සිරියානු මානව හිමිකම් සඳහා වන නිරීක්ෂකයන් සහ බ්‍රිතාන්‍ය යුද නිරීක්ෂක කණ්ඩායමක් පෙන්වා දෙයි.

ඉරානයේ සහය ලබන ත්‍රස්තවාදීන් රැඳි සිටින කඳවුරුවලට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ගුවන් හමුදාව පියවර ගෙන ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS