ගුවන් ප්‍රහාරවලින් 100 ක් මරුට



ගතවුණු දින10 පුරාවට සිරියානු රජයේ හමුදා සහ ඔවුන්ට හිතවත් රටවල් එක් වී සිදු කළ ගුවන් ප්‍රහාරවලින් සිරියානු සිවිල් වැසියන් 100 දෙනකු මියගොස් ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිෂෙල් බැචලේ පෙන්වා දී ඇත්තේ, රෝහල්, පාසල් සහ වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කෙරුණු බවත් මියගිය ගණන 103 තෙක්  ඉහළගිය බවත්ය.

සිරියානු අර්බුදයේ දී සිරියානු රජයට සහාය දක්වන්නේ රුසියාවය. සිරියානු රජයේ ගුවන් හමුදාව සමඟ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට ගුවනින් පහරදීම කරන්නේ රුසියාවය. සිරියානු රජය පවසන්නේ ඔවුන් පහර දෙන්නේ ත්‍රස්ත ඉලක්ක වෙත බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS