ගුවන් ප්‍රහාරයකින් කුර්දි සටන්කාමීහු 13 ක් මරුට



තුර්කි ගුවන් හමුදාව උතුරු දිග ඉරාකයේ එවසින්-බසියන් ප්‍රදේශයේ ස්ථාන කීපයකට පසුගියදා එල්ල කරන ලද ප්‍රහාරයන් හේතුවෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරමින් සිටි කුර්දි සටන්කාමීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයට එල්ල කරන ලද තවත් ගුවන් ප්‍රහාරයකින් කුර්දි සටන්කාමීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව තුර්කි ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. 

කුර්දි සටන්කාමීන් ගිනිකොන දිග තුර්කියේ වසර තිහක් තිස්සේ සටන් කරමින් තුර්කි දේශසීමාව ආසන්නයේ ඇති ඉරාක නැගෙනහිර කදුකර ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS